කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග සදහා සහභාගී වීමට පළමු කණ්ඩායම ලෙස බංගලදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
ඔවුන් අද දින පස්වරු 04.05 ට බංගලදේශයේ ඩකා නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 190 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.
පාකිස්තානය සහ ඉන්දියාව අතර පවතින මතභේදාත්මක තත්වය නිසා මෙම කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග 11 ක් ශ්‍රී ලංකාවේ , ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතය .
ඒ සදහා සහභාගී වීමට බංගලදේශය , පකිස්තානය , ඕස්ට්‍රේලියාව ,ඉන්දියාව , එංගලන්තය , නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව යන රටවල ක්‍රිකට් ක්‍රීඩිකාවන් මෙරටට පැමිණීමට නියමිතය .
මෙම තරගාවලියේ මෙරට පවත්වන පළමු තරගය එළඹෙන 10/02 දින බංගලදේශ සහ පකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම් දෙක අතර ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතය .
මෙසේ පැමිණි බංගලදේශ ක්‍රිකට් කණ්ඩායමට අමතරව අද දින සවස 06.30 ට දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ රාත්‍රී 10.50 ට පකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායමත් පැමිණීමට නියමිතය .
Published