ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියේ දෙවන තරඟය අද රාත්‍රී 07ට රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු විස්සයි විස්ස තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශ කණ්ඩායම පරදවා කඩුලු 07ක පහසු ජයක් හිමි කර ගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායම අද තරඟයට පිවිසෙන්නේ දෙකට බින්දුවක් ලෙස බංග්ලාදේශ කණ්ඩායම පරාජයට පත් කරමින් තරඟාවලියේ ජය ලබා ගැනීමේ අරමුණින්.

අද පැවැත්වෙන තරඟය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු උපුල් චන්දන මෙලෙස අදහස් පළ කළා.