Published
ආසියානු කුලසාලන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ ඊයේ රාත්‍රියේ පැවති තරඟයෙන් කඩුලු 07ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා. ඒ, හොං කොං කණ්ඩායම පරාජයට පත් කරමින්. තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් හොං කොං කණ්ඩායම කඩුලු 07ක් දැවී ලකුණු 143ක් රැස් කළා. බංග්ලාදේශය එම ඉලක්කය පසුකර ගියේ පන්දුවාර 17යි පන්දු 04කදී කඩුලු 03ක් පමණක් දැවී තිබියදීයි. ලිටන් දාස් ලකුණු 59යි. එහිදී ඔහු බංග්ලාදේශය වෙනුවෙන් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ මෙතෙක් පැවති වැඩිම හයේ පහර සංඛ්‍යාවේ වාර්තා බිඳ හෙළිමට සමත් වුණා. ඔහු මෙලෙස බිඳ හෙලුවේ හයේ පහර 77ක් එල්ල කරමින් මහමුදුල්ලා පිහිටුවා තිබූ වාර්තාවයි. මේ අතර ආසියානු කුලසාලන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ පකිස්ථානය සහ ඕමානය අතර තරඟය අද පස්වරුවේ පැවැත්වෙනවා.