පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තු තබා ගැනීමට නම් අද දිනය තුළ බංග්ලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 250ක් රැස් කරගත යුතු බව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පවසනවා.

සිය ටෙස්ට් දිවියේ තුන්වන ශතකය වාර්තා කරමින් ලකුණු 187ක් රැස් කිරීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පැතුම් නිස්සංක මෙම අදහස් පළ කළා.

මීට පෙර පැවති ටෙස්ට් තරගවලට සාපේක්ෂව ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ටෙස්ට් තරගයේදී වැඩි ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගැනීමට උත්සාහ දැරීම දැකගත හැකි වුණා.

ශ්‍රී ලංකා පළමු ඉනිමේ එක් පන්දු වාරයකට ලකුණු ලබා ගැනීමේ වේගය පවතින්නේ ලකුණු 04කට ආසන්නවයි.

ඒ සම්බන්ධයෙන් ද පැතුම් නිස්සංක අදහස් පළ කළා.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙම ටෙස්ට් තරගයේදී ලකුණු 495ක් රැස් කළ බංග්ලාදේශ පළමු ඉනිමට සාපේක්ෂව ශ්‍රී ලංකාව කඩුලු 04කට ලකුණු 368ක් රැස්කරගෙන සිටිනවා.

තරගයේ සිව්වන දිනය අදයි.