සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරඟ තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද ප්‍රකාශයට පත් කළා.
ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විත එම සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි චරිත් අසලංකට හිමිව තිබෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙකු වන දසුන් ශානක සහ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන චාමික කරුණාරත්න නැවත වරක් මෙම සංචිතයට නම් කර සිටීම විශේෂත්වයක්.
දෙරට අතර පළමු විස්සයි විස්ස තරඟය එළඹෙන 10 වනදා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
දෙවන විස්සයි විස්ස තරඟය එළඹෙන 13වනදා දඹුල්ලේදී පැවැත්වෙන අතර තුන්වන විස්සයි විස්ස තරඟය ජුලි 16වනදා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
මේ අතර දෙරට අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරඟාවලියේ තීරණාත්මක තුන්වන හා අවසන් එක්දින ක්‍රිකට් තරඟය පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට පැවැත්වීමට නියමිතයි.