බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය ලකුණු 16කින් ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා .

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති මෙම තරඟයේ කාසියේ වාසිය බංග්ලාදේශ කණ්ඩායම දිනා ගත් අතර පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පැමිණියා.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්වාර 45යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 248ක් රැස් කර ගත්තා.

එහිදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් පර්වේස් හුසේන් එමොන් ලකුණු 67ක් රැස් කළ අතර ටෝහිඩ් හ්‍රිඩෝයි ලකුණු 51ක් රැස්කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරත වූ අසිත ප්‍රනාන්දු කඩුලු 04ක් දවා ගත් අතර වනිඳු හසරංග කඩුලු 03 දවාගත්තේය.

ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්වාර 48යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 232ක් පමණයි

මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අගනා පිතී හරඹයක නිරත වූ ජනිත් ලියනගේ පන්දු 85කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 78ක් ලබා ගැනීමට සමත් වුණා .

මස්ටෆිසූර් රෙහෙමාන් යැවූ පළමු පන්දුවාරයේ පළමු පන්දු 4ට හතරෙ පහර 4ක් එල්ල කළ කුසල් මෙන්ඩිස් සිය අර්ධ ශතකය පන්දු 20කින් සම්පූර්ණ කරමින් ලකුණු 56ක් රැස්කිරීමට සමත් වූ අතර කමිඳු මෙන්ඩිස් ලකුණු 33ක් ලබා ගත්තා.

බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරත වූ තන්වීර් ඉස්ලාම් ලකුණු 39කට කඩුලු 5ක් දාවා ගැනීමට සමත් වුණා.

හසන් සකිබ් ලකුණු 34කට කඩුලු 2ක් ද මුස්තාෆිසුර් රහ්මාන් , හසන් මිරාස් ,ෂමිම් හොසේන් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.