කුසල් මෙන්ඩිස්ගේ විශිෂ්ට ශතකය හේතුවෙන් සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 286ක ඉලක්කයක් ලබා දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා.

දෙරට අතර තුන් වන එක්දින ක්‍රිකට් තරඟය මේ වන විට පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

තරඟයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු 13කට සීමා කරමින් නිශාන් මධුෂ්ක දැවී ගියේ එක් ලකුණකටයි.

පැතුම් නිස්සංක ලකුණු 35කටත් කමිඳු මෙන්ඩිස් ලකුණු 16කටත් දැවී ගියා.

පසුව පිටියේ එක්වූ නායක චරිත් අසලංක සහ කුසල් මෙන්ඩිස් සිව්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 124ක සඳතාවක් ගොඩ නැඟුවා.

කුසල් මෙන්ඩිස් දැවී ගියේ ලකුණු 124කටයි. එය ඔහුගේ 06 වන එක්දින ශතකයයි.

පන්දු 114ක් තුළ ගොඩනැඟුණු මෙන්ඩිස්ගේ ශතකයට හතරේ පහර 18ක් ඇතුළත්. චරිත් අසලංක ලකුණු 58ක් රැස් කළා.

නියමිත පන්දුවාර 50 අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 07ක් දැවී ලකුණු 285ක් රැස් කර ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී තස්කින් අහමඩ් සහ මෙහෙදි හසන් මිරාස් කඩුලු දෙක බැගින් බිඳ හෙළුවා.