බංග්ලාදේශ ගුවන් හමුදා පුහුණු F – 7 ජෙට් යානයක් ඩකාහී උත්තරා ප්‍රදේශයේ පාසලක් වෙත කඩා වැටී තිබෙනවා

ගුවන් යානය කඩා වැටීමෙන් අනතුරුව පිපිරීමක් ද සිදුව ඇති අතර බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ගුවන් යානය කඩා වැටෙන අවස්ථාවේදී පාසලේ සිසුන්ද සිට ඇති අතර අනතුරින් ළමුන් 16ක් ඇතුළුව 19 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 100කට අධික පිරිසක් තුවාල ලබ තිබෙනවා.

තුවාල ලැබූවන් සිවිල් වැසියන්ද නැතහොත් හමුදා නිලධාරීන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර එරට හදිසි සේවා මේ වන විට ගින්න මැඩපැවැත්වීමට සහ තුවාල ලැබූවන් රෝහල් ගත කිරීමටද පියවර ගනිමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ගිනි නිවන භටයින් සහ හමුදාවේ ගලවා ගැනීමේ භටයින් එම ස්ථානයට පැමිණ ගින්න පාලනය කිරීමට කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

මෙම සිදුවීම පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් පවතින අතර, අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.