Published
ලබන පෙබරවාරි මාසයේදී බංග්ලාදේශයේ මැතිවරණය පවත්වන බවට අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණා. බංග්ලාදේශයේ හිටපු අගමැතිනිය විරෝධතාවලින් බලයෙන් පහ කිරීමෙන් පසු එරට පැවැත්වෙන පළමු මැතිවරණය මෙයයි. සති ගණනක් පැවති ශිෂ්‍ය විරෝධතාවලින් පසුව, හිටපු අගමැතිනි ෂෙයික් හසීනා පසුගිය වසරේ අගෝස්තු 05 වන දින ඉන්දියාවට පලා ගියා. පසුව නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යූනුස් එරට භාරකාර රජයේ ප්‍රධානියා ලෙස පත් කෙරුණා. මුහම්මද් යූනුස් පවසා ඇත්තේ 2026 පෙබරවාරි මාසයේ රාමසාන් උත්සවයට පෙර ඡන්දය පවත්වන ලෙස මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටින බවයි.