ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර අද පැවැත්වෙන දෙවන විස්සයි 20 ක්‍රිකට් තරඟයේ දී ලකුණු 83ක ජයක් ලබා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

දඹුල්ලේ පැවැති දෙවන විස්සයි20 ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 177ක් රැස් කිරීමට සමත් වුණා.

එහිදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ නායක ලිටන් දාස් පන්දු 50කදී ලකුණු 76ක් රැස් කිරීමට සමත් වුණා

ෂමිම් හොසේන් පන්දු 27ක් තුළ ලකුණු 48ක් රැස් කළා

ඒ අනුව තරගය ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 178ක ඉලක්කයක් හිමිවුණා

පන්දු යැවීමේදී බිනුර ප්‍රනාන්දු ලකුණු 31කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා.

ලකුණු 178ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 15යි පන්දු 2ක් තුල සියලු දෙනා දැවී රැස් කිරීමට හැකිවුණේ ලකුණු 94ක් පමණයි

ශ්‍රී ලංකාව වෙනුවෙන් පැතුම් නිශ්ශංක පන්දු 29ක් තුල ලකුණු 32ක් රැස්කිරීමට සමත් වූ අතර දසුන් ශානක පන්දු 16ක් තුල ලකුණු 20ක් ලබා ගැනීමට සමත් වුණා .

කෙසේවෙතත් බංගලාදේශ පන්දු යවන්නන් අනෙක් පිතිකරුවන්ට ලකුණු 20සීමාව අබිබවා යාමට ඉඩ ලබා දුන්නේ නැහැ .

දක්ෂ පන්දු යැවීමක නිරත වූ රිෂාඩ් හුසේන් ලකුණු 18කට කඩුලු 3ක් බිඳ හෙලීමට සමත්වුණා

ෂරීෆුල් ඉස්ලාම් සහ මොහොමඩ් සයිෆුද්දීන් කඩුලු 2බැගින් බිඳ හෙලීමට සමත්වුණා