සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පාලනය සිටතට ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට සමත්ව සිටිනවා.
මෙම තරඟයේ දෙවන දිනය වන අද දිනයේ දිවා ආහාරය සඳහා තරඟය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 83ක් රැස් කරගෙන සිටියා.
පැතුම් නිස්සංක නොදැවී ලකුණු 42ක් රැස් කරගෙන සිටි අතර ලහිරු උදාර නොදැවී ලකුණු 40ක් රැස් කරගෙන සිටියා.
ඊයේ දිනය නිමා වන විට කඩුලු 08ක් දැවී ලකුණු 220ක් ලබාගෙන සිටි බංග්ලාදේශ කණ්ඩායමේ පළමු ඉනිම අද දිනයේදී ලකුණු 247කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.
සොනාල් දිනූෂ ලකුණු 22කට කඩුලු 03ක් දවා ගත් අතර අසිත ප්‍රනාන්දු ලකුණු 51කට කඩුලු 03ක් දවා ගත්තා.
ඒ අනුව කඩුලු 10ක් අතැතිව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශ පළමු ඉනිමට වඩා පිටුපසින් සිටින්නේ ලකුණු 164ක් පමණයි.
තරඟය පැවැත්වෙන්නේ කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදීයි.