බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ කම්කරුවන් 6 දෙනෙකුට චිකුන්ගුන්යා රෝගය වැළදි තිබෙනවා.

සතියක් තුළ ඔවුන්ට එම රෝගය වැළදී ඇති බවයි බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ වෛද්‍ය ඒ එස් කේ ජයසූරිය මහතා පැවසුවේ.

එම රෝහල් කම්කරුවන් හය දෙනා බගවන්තලාව ප්‍රදේශයේම පදිංචිකරුවන් වනවා.

ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා දැනුවත් කිරිමෙන් පසු එම කාර්යාලයේ නිලධාරින් පැමිණ ප්‍රදේශය පුරා මදුරු මර්දන වැඩසටහනක් සිදුකර තිබෙනවා.