Published
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය පහට බින්දුවක් ලෙස ජය ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද සමත් වුණා.
ඒ, දෙරට අතර පැවති පස්වන විස්සයි විස්ස තරඟය ද කඩුලු තුනකින් ජය ගනිමින්.
මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 4කදී සියලු දෙනා දැවී ලකුණු 170ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ටේ්‍රලියානු කණ්ඩයාම පන්දු වාර 17කදී කඩුලු 07කට ලකුණු 173ක් ලබා ගනිමින් තරගය ජය ගැනීමට සමත් වුණා.
මිචෙල් ඔවෙන් පන්දු 14කදී ලකුණු 37ක් රැස් කළා. කැමරන් ග්‍රීන් පන්දු 18කදී ලකුණු 32යි.
තරගය පැවැත් වුණේ සෙන් කිට්ස් හි බැස්ටෙයාර් හීදීයි.