Published
පානදුර - හොරණ මාර්ගයේ බොල්ගොඩ පාලම ආසන්නයේ ඊයේ පස්වරුවේ සිදු වූ වෙඩි තැබීමෙන් ජීවිතක්ෂය පත්ව ඇත්තේ බන්ධනාගාර නිලධාරියෙකු බව පොලිසිය පවසනවා. බණ්ඩාරගම පොලිසියේ උසස් නිලධාරියෙකු පැවසුවේ ඔහු කළුතර බන්ධනාගාරයේ වැඩ තහනමට ලක්ව සිටි බන්ධනාගාර නියාමකවරයෙකු බවයි. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් එම වෙඩි තැබීම සිදු කර පලාගොස් තිබුණා. ඔවුන් කවුරුන්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණ වී නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.