Published
බද්දේගම ප්රාදේශීය සභාවේ උපසභාපතිට පහර දීම සම්බන්ධයෙන් මේ වන විට පොලිස් කණ්ඩායම් දෙකක් යොදා විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය පවසනවා.
ඉකුත් 24 වනදා බද්දේගම, ගොඩකන්ද ප්රදේශයේ දී ඔහුට මෙම ප්රහාරය එල්ල වී තිබුණා.
ඔහු බිරිඳ සමග නිවස බලා යමින් සිටියදී එම ප්රදේශයේ දී මාර්ගය හරස්කර අදාළ ප්රහාරය එල්ලකර ඇති බවයි පොලීසිය පැවසුවේ.
ප්රහාරයෙන් තුවාල ලැබූ බද්දේගම ප්රාදේශීය සභාවේ උපසභාපතිවරයා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.




