රටටම බලපෑ ආපදාවෙන් අපේ දරුවන්ට සිදුවූ බලපෑම සුළුපටු නොවේ. පාසල් පෙළපොත්, උපකරණ, ඇඳුම් පැළඳුම් ගංවතුරට ගසාගෙන ගියා පමණක් නොව පාසල්වලටත් හානිවී අවසන්.

දරුවන්ට යළි පාසල් යාමට අවශ්‍ය සියලු දේ ලබාදීමට නෙත් එෆ් එම් අපි, “දිරිය නෙත් - නැණ සවිය” ඔස්සේ ද සූදානම්.

මේ මොහොතේ විපතට පත් පවුල් වෙත ආධාර දෙනවා සේම දරුවන් ගැනත් වැඩිම අවධානයක් යොමු කිරීම අප සැමගේ වගකීමක්.

ගංවතුරට, නායයෑම්වලට, සුළි සුළඟට දරුවන්ගේ ඉගෙනීම් කටයුතු නතරවෙන්න ඉඩ තැබිය යුතුද? “දිරිය නෙත් - නැණ සවිය” ඒ වෙනුවෙන්.

ආපදා තත්ත්වය හේතුවෙන් අධ්‍යාපනය ලබන දරුවන්ට ශක්තියක් වෙන්න “දිරිය නෙත් - නැණ සවිය” සූදානම්.

මේ, නෙත් එෆ් එම් රේඩියෝවේ ජ්‍යෙෂ්ඨ වැඩසටහන් කළමනාකරු මනෝජ් උදටියාවල.

අභ්‍යාස පොත්, පෑන් පැන්සල්, පාට පෙට්ටි, පාසල් බෑග් ඇතුලු පාසැල් උපකරණ අපට භාරදී මේ සඳහා ඔබට ද එක්විය හැකියි.

හානියට පත් පාසල් පිරිසිදු කිරීමට මෙන්ම හානියට පත් උපකරණ ලබාදීමට ද “දිරිය නෙත් - නැණ සවිය” අධ්‍යාපන සත්කාරය යටතේ සිදු කිරීමට නියමිතයි.