Published
බදුල්ල දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට අද පෙරවරු 11.00 වනවිට නිවාඩු ලබාදී දරුවන් සහ ගුරුවරුන් පිටත්කර හැරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
නෙත් නිවුස් වාර්තාකරු සමන් පාලිත නානායක්කාර මීට නොබෝ වේලාවකට පෙර තහවුරු කළේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙන නවතම අනාවැකිය සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර ඇති නවතම නායයෑම් පිළිබඳ විශේෂ අනතුරු ඇඟවීමේ නිවේදනයට අනුව මෙම පියවර ගෙන ඇති බවයි.




