සංවිධානාත්මක කණ්ඩායම් විසින් බදු ගෙවීමකින් තොරව හොර රහසේ මෙරටට ගෙන එනු ලබන විද්‍යුත් උපකරණ හේතුවෙන් වෙළඳපොළ අසමතුලිතතාවක් නිර්මාණය වී ඇතැයි විද්‍යුත් උපකරණ ආනයනකරුවන් පවසනවා.
ඔවුන් පෙන්වා දී ඇත්තේ ඒ හේතුවෙන් භාණ්ඩවල ගුණාත්මකභාවයේ අඩුවක් ද දක්නට ලැබෙන බවයි. එමඟින් රජයට විශාල බදු ආදායමක් අහිමි වන බවත්, පාරිභෝගිකයින්ට භාණ්ඩවල ප්‍රමිතිය පිළිබඳ ගැටලු මතුව ඇති බවත් විද්‍යුත් උපකරණ ආනයනකරුවන් පෙන්වා දී තිබෙනවා.
ඒ, ඔටෝ මොබයිල් සහ විද්‍යුත් උපකරණ කර්මාන්ත සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති පූර්ව අයවැය සාකච්ඡාවේදීයි.
එහිදී ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කර ඇත්තේ ප්‍රමිතියෙන් යුතු ගුණාත්මක භාණ්ඩ ආනයනය කිරිම සදහා අවශ්‍ය නම් නව නීති ගෙන ඒමට කටයුතු කරන බවයි.
බදු දැලෙන් රිංගා භාණ්ඩ ආනයනය කරන සංවිධානාත්මක කණ්ඩායම්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
මේ අතර සමුද්‍රයීය භාණ්ඩ ප්‍රවාහන සැපයුම් ක්ෂේත්රය සම්බන්ධයෙන් පූර්ව අයවැය සාකච්ඡාවක් ද ඊයේ පැවැත් වුණා.
එමෙන්ම බැංකු, මූල්‍ය සහ රක්ෂණ ක්ෂේත්‍ර සම්බන්ධ පූර්ව අයවැය සාකච්ඡාවක් ද පවත්වා තිබෙනවා.




