Published
බන්ධනාගාර රෝහල් තුළ හදිසි ප්‍රතිකාර ඒකක ස්ථාපිත කිරීමට මේ වන විට සැලසුම් කරස් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. බන්ධනාගාර රෝහල්වලට අත්‍යවශ්‍ය වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කඩිනමින් අනියුක්ත කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි අමාත්‍යවරයා කියා සිටියේ. බන්ධනාගාර නිලධාරින්, රැඳවියන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් ආරම්භ කෙරුණු විශේෂ වෛද්‍ය සායන වැඩසටහනක සමාරම්භක උත්සවයට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා. බන්ධනාගාර ගත වන රැඳවියන්ගේ සෞඛ්‍ය රැකවරණය, වරප්‍රසාදයක් නොව ඔවුන්ගේ අයිතිවාසිකමක් වන බවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එහිදී සඳහන් කළා.