බස් ගාස්තු සියයට 2යි දශම 5කින් අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව ජුලි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 2යි දශම 5කින් බස් ගාස්තු සංශෝධනය කෙරෙන බවයි එම කොමිෂන් සභාව පවසන්නේ.

ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව සෑම වසරකම ජූලි මස 01 වනදා සිට බස් ගාස්තු සංශෝධනයක් සිදුවිය යුතු වනවා.

ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අද ප්‍රවාහන බලධාරීන් සහ බස් සංගම් නියෝජිතයන් අතර පැවැත්වීමෙන් අනතුරුව එම තීරණයට එළඹුනු බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවේ.

නව සංශෝධනයට අනුව අවම බස් ගාස්තුවේ වෙනසක් සිදු නොවන බවද ජාතික ගමනාගමන කොමිෂන් සභාව වැඩිදුරටත් පැවසුවා.