ලබන මස පළමු වනදා සිට සියලුම බස් රථ රියදුරන් ආසන පටි පැලඳීම අනිවාර්යය බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති ඉංජිනේරු පී.ඒ. චන්ද්‍රපාල මහතා පැවසුවේ මෝටර් රථ පනතේ ප්‍රතිපාදනවලට අනුව ගැසට් නිවේදනයක් මගින් 2011 වසරේ සිට රියදුරන්ට ආරක්ෂක ආසන පටි පැලඳීම අනිවාර්යය කර ඇති බවයි.

ආරක්ෂක බඳ පටිය නොපැලඳීමෙන් රියදුරන්ට සහ මගීන්ට සිදුවන අනතුරුවල ස්වභාවය සම්බන්ධයෙන් ද ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති ඉංජිනේරු පී.ඒ. චන්ද්‍රපාල මහතා මෙහිදී කරුණු පැහැදිලි කළා.

මේ අතර ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පසුගියදා පැවසුවේ ලබන පළමුවනදා සිට බස් රථවලින් නිකුත් කරන ටිකට් පත අනිවාර්යය කරන බවයි.

ඊට ප්‍රතිචාර දක්වමින් ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ ටිකට්පත් නිකුත් කිරීම සඳහා විධිමත් ක්‍රමයක් සකස් කළ යුතු බවයි.