බස් රථවල රියදුරන් ආරක්ෂිත බඳ පටි පැළඳීම අද සිට අනිවාර්යය කර තිබෙනවා.
ඒ අනුව පිටකොටුව බැස්ටියන් මාවතෙන් පිටත්වන සියලු බස් රථ පරීක්ෂාවට ලක් කළ බවයි ලංකා ගමනා ගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ – ධාවන හා සේවා අධීක්ෂණ ෂෙරිල් අතුකෝරළ මහත්මිය පැවසුවේ.
කෙසේවෙතත් ඇතැම් බස් රථ රියදුරන් අද දිනයේත් ආරක්ෂිත බඳ පටි පැළඳ බස් රථ ධාවනය නොකරන අවස්ථා ද දැකගත හැකි වුණා.
ඔවුන් කියා සිටියේ සිය බස් රථවල රියදුරු අසුනේ ආරක්ෂිත බඳ පටි නොමැති බවයි.
ඒවා සවිකර ගැනීමට සිදුවන බවත්, ආරක්ෂිත බඳ පටි අනිවාර්ය කිරීම පිළිබඳ තමත් දැනුවත් නොමැති බවත් ඇතැම් රියදුරන් කියා සිටියා.
ඊට ප්‍රතිචාර දක්වමින් ලංකා ගමනා ගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ – ධාවන හා සේවා අධීක්ෂණ ෂෙරිල් අතුකෝරළ මහත්මිය කියා සිටියේ ආරක්ෂිත බඳ පටි නොමැති හෝ කිසියම් ගැටලුවක් ඇති බස් රථවලට ඒවා සවිකර ගැනීමට කෙටි කාලයක් ලබාදෙන බවයි.
මේ අතර බස් රථවල රියදුරන් ආරක්ෂිත බඳ පටි පැළඳීම අනිවාර්යය කිරීමට ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක වන ආකාරය සොයා බැලීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා ද පිටකොටුව ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.
එහිදී අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් පළ කළේ මෙලෙසයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය බිමල් රත්නායක මහතා.