කහවත්ත කෙටේතැන්න ප්‍රදේශයේදි ලංගම බස් රථයක් සහ දැව කොටන් පටවාගත් ලොරියක් මුහුණට මුහුණ ගැටිමෙන් බස් රථයේ ගමන් ගත් මගීන් 11 දෙනෙකු කහවත්ත මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අද 12 වනදා පස්වරු 1.30 ට පමණ මෙම අනතුරු සිදුවි ඇතැයි කහවත්ත පොලිසිය සඳහන් කර සිටිය.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කොළඹ සිට මොනරාගල දක්වා ගමන් කරමින් තිඹු ලංගම බස් රථයක් සහ මොනරාගල සිට කොළබ දෙසට ධාවනය කරමින් තිඹු දැව පටවන ලද ලොරියක්
ලොරි රථ රියදුරු ගේ නොසැලකිලිමත් බව අනතුරුට හේතුව බවයි පොලිසිය සඳහන් කර සිටියේ
පොලිසිය සිදු කළ විමර්ශන වලදී අනාවරණය ව්වි ඇත්තේ ලොරි රථයේ රියදුරු වංගුවකදි වෙනත් වාහනයකට ඉස්සර කිරිම නිසා ඉදිරියෙන් පැමිණි බසයේ ගැටි ඇති බවයි.
තුවාලකරුවන් අතර දරුවන් කිහිප දෙනෙකු ද සිට ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.
ලොරි රථ රියදුරු කහවත්ත පොලිසිය ව්සින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
Published