ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ මාස 06ක් තුළ කොළඹ නගර සභාවේ සුවිශේෂී පරිවර්තනයක් සිදු කරන බව මහජන ආරක්‍ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසනවා.

නෙත් නිවුස් සිව්වන මානය වැඩසටහනට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ කොළඹ මහනගර සභාවේ බලය ස්ථිර වශයෙන්ම ජාතික ජන බලවේගය විසින් පිහිටුවන බවයි.

කොළඹ මහනගර සභාවේ බලය අත්පත් කර ගැනීමට සමගි ජන බලවේගය දරන උත්සහය අසාර්ථක උත්සහයක් බව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා මෙහිදී කියා සිටියා.

ජාතික ජන බලවේගයට බහුතර බලයක් හිමි නොවූ පළාත් පාලන ආයතනවල බලය තහවුරු කිරීමට වෙනත් පක්ෂවල හෝ ස්වාධීන කණ්ඩායම්වල මන්ත්‍රීවරුන්ගේ සහය ලබා ගැනීම සඳහා ඔවුන්ට විවිධ වරදාන වරප්‍රසාද ලබා දී ඇති බවට එල්ල වන චෝදනාවලටද නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා මෙහිදී පිළිතුරු ලබා දුන්නා.