Published
පසුගිය වසර තුළ එක්සත් රාජධානිය තුළ සොරකම් කර චීනයට යවන ලද ජංගම දුරකථන 40,000 ක් දක්වා ජාවාරම් කළ බවට සැක කෙරෙන ජාත්‍යන්තර කල්ලියක් පිළිබඳ අනාවරණ කර ගත් බව පොලිසිය පවසයි. දුරකථන සොරකම්වලට එරෙහිව එක්සත් රාජධානියේ මෙතෙක් සිදු කරන ලද විශාලතම මෙහෙයුම මෙය බව මෙට්‍රොපොලිටන් පොලිසිය පවසයි. එම මෙහෙයුමේදී සැකකරුවන් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සොරකම් කරන ලද ජංගම දුරකතන 2,000 කට වඩා සොයාගෙන ඇත. එක්සත් රාජධානියේ ලන්ඩන් නගරයේදී සොරකම් කරන ලද සියලුම දුරකථන වලින් අඩක් දක්වා අපනයනය කිරීම සඳහා මෙම කල්ලිය වගකිව යුතු යැයි පොලිසිය විශ්වාස කරයි. පසුගිය වසරේ වින්දිතයෙකු සොරකම් කරන ලද දුරකථනයක් සොයා ගැනීමෙන් පසුව විමර්ශනය ආරම්භ කරන ලදී. එලෙස සොරකම් කරන ලද දුරකතන බොහෝ ප්‍රමාණයක් මේ වනවිටත් හොංකොං වෙත යවා ඇතැයි නිලධාරීන් අනාවරණ කරගෙන තිබේ.