Published
නිල සංචාරයක් අරඹමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් ඉන්දියාවට පැමිණ තිබේ. සිය ධූර කාලය තුලදී ඔහු නිල සංචාරයක් සඳහා ඉන්දියාවේ සචාරයක නිරත වන පළමු අවස්ථාව මෙයයි. අග්‍රාමාත්‍යවරයා සමග බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින් ඇතුළු දූත පිරිසක් ද ඉන්දියාවට පැමිණ සිටින බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ. සිය දෙදින ඉන්දීය සංචාරයේදී අග්‍රාමාත්‍ය ස්ටාර්මර් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය. එමෙන්ම සිය ඉන්දීය සංචාරයේදී ස්ටාර්මර් සහ මෝදි මුම්බායි හි ගෝලීය ෆින්ටෙක් සමුළුව ඇමතීමට නියමිතව තිබේ.