බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති කාර්යාලය නැරඹීම සඳහා පැමිණ තිබෙනවා.

එහිදී, බි්‍රතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සමඟ කෙටි පිළිසඳරකද නිරත වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

ජනාධිපති කාර්යාලයේ පුස්තකාලය, පැරණි පාර්ලිමේන්තුව සහ කැබිනට් රැස්වීම් ශාලාව ඇතුළු කාර්යාලීය පැරණි ස්ථාන නැරඹීමටද බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එහිදි අවස්ථාව හිමිව තිබෙනවා.

ජනාධිපති ජ්‍යේෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ශ්‍රී ලංකාවේ බි්‍රතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැටි්‍රක් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටි බවද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසුවා.