බිත්තරයක මිල රුපියල් 10කින් පහළ දමන බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

මහා පරිමාණ බිත්තර නිෂ්පාදකයින්ගේ මාෆියාව නතර කිරීම සඳහා එලෙස බිත්තර මිල පහළ දැමීමට තීරණය කළ බවයි එම සංගමය පැවසුවේ.

ඒ අනුව සුදු බිත්තරයක් රුපියල් 18ක මිලට සහ රතු බිත්තරයක් රුපියල් 20ක මිලට අලෙවි කරනු ඇති.