සුදු බිත්තරයක ගොවිපල මිල රුපියල් 28 සිට 26 දක්වාත් රතු බිත්තරයක ගොවිපල මිල රුපියල් 30 සිට 28 දක්වාත් අඩු කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. එහි සභාපති සරත් රත්නායක මහතා පැවසුවේ බිත්තර තොග මිල ලෙස සුදු බිත්තරයක් රුපියල් 29ක් වශයෙන් සහ රතු බිත්තරයක් රුපියල් 31ක් ලෙසින් පසුගියදා පැවති මිල තීරණය කිරීමේ කමිටුවේදී ප්‍රකාශයට පත් කර ඇති බවයි.