බිත්තරයක මිල ඉහළ යාම හේතුවෙන් උත්සව සමයේ කේක් ඇතුලු බේකරි නිෂ්පාදනවල මිල ද ඉහළ දැමීමට සිදුවනු ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පැවසුවේ වෙළඳපොල තුළ මේ වන විට මතුව ඇති බිත්තර ගැටලුවට රජය මැදිහත් වී විසඳුම් ලබාදිය යුතු බවයි.

මේ අතර වෙළඳපොල තුළ බිත්තර හිඟයක් ඇතිවීම සම්බන්ධයෙන් සමස්ත ලංකා කුකුල් ව්‍යාපාරිකයන්ගේ සභාපති සහ ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා කරුණු පැහැදිලි කළා.

ඔහු සඳහන් කළේ සත්ව ආහාර නිසි වේලාවන්වලදී ලබා ගැනීමට නොහැකි වීම සහ අයහපත් කාලගුණය හේතුවෙන් සියයට 40කින් පමණ බිත්තර නිෂ්පාදනය අඩුවී ඇති බවයි.