වසරේ අවසාන පොහොය වන උදුවප් පුරපසළොස්වක පොහොය අදට යෙදි තිබෙනවා.
ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ මෙරටට වැඩම කරවීම, මෙරට භික්‍ෂුණී ශාසනය ආරම්භ කිරීම වැනි වැදගත් සිදුවීම් රැසක් අද වැනි දිනක සිදුව ඇති බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ.
ශ්‍රී පාද වන්දනා සමයද අදින් ආරම්භ වනවා.
ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ අනුරාධපුර ශ්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය පූජ්‍ය පනාමුරේ චන්දිම ස්වාමීන් වහන්සේ.
උදුවප් පුර පසළොස්වක පොහොදා නෙත් ශ්වේත පූජා වැඩසටහන අද දවස පුරා ක්‍රියාත්මක වනවා.
පසුගිය දිනවල රටපුරා ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් අද දින ශ්වේත පූජා වැඩසටහන ඊට අදාළ කරුණු පාදක කර ගනිමින් විශේෂ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මකයි.
ඒ යටතේ දිවයින පුරා ආපදාවට ලක්ව ඇති විහාරස්ථාන මෙන්ම අනෙකකුත් ආගමික ස්ථාන සම්බන්ධයෙන් තොරතුරු එක්රැස් කරමින් එම ආගමික ස්ථාන වෙත ශක්තියක් වීමට නෙත් රේඩියෝව කටයුතු යොදා තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ නෙත් එෆ් එම් රේඩියෝවේ ආගමික අංශයේ ප්‍රධානී වරුණ එදිරිසිංහ මහතා.




