Published
බියගම, ගැමුණු මාවත ප්‍රදේශයේදී කුලී පදනම මත නේවාසික කාමරයක රැඳීසිටි පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබෙනවා.
ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ අදාළ පුද්ගලයාව මුල්ලේරියාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.
එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 30ක් වූ හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මරණකරු කුලී පදනම මත බියගම පොලිස් වසමේ පදිංචිව සිට ඇති අතර ඔහුට අයත් ත්‍රීරෝද රථය නවාතැන් ගෙන සිටි කාමරය ඉදිරිපිට ගිනි ගැනීමට ලක්ව ඇති බව දැක කාමරයෙන් ඉවතට පැමිණීමේදී මුහුණු ආවරණය කරගත් පුද්ගලයින් දෙදෙනෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී පලා ගොස් ඇති බවටයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
ඝාතනය සිදු කළ සැකකරුවන් හෝ ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා බියගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.




