ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් බීඩි කොළ, එනසාල් සහ කෘමිනාශක තොගයක් මෙරටට රැගෙන එමින් සිටි සැකකරුවන් 04 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ඒ, කල්පිටිය, උච්චමුනේ නාවික හමුදා අනුඛණ්ඩයේ නිලධාරීන් පිරිසක් විසින්.

සැකකරුවන් පැමිණි කුඩා ඩිංගි යාත්‍රාව තුළ තිබී බීඩි කොළ ඇසිරූ උර 10ක්, එන්සාල් පැකට් 35ක් සහ කෘමි නාශක තොගයක් සොයා ගත් බවයි නාවික හමුදාව පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කල්පිටිය – සින්නකුඩිරිප්පුව, පුදිකුඩිරිප්පුව, තොරෙඅඩිය සහ වන්නිමුන්දලම ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.

ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා කල්පිටිය නාවික හමුදා කඳවුරට භාර දී තිබෙනවා.