නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලස බීඩි කොළ සමග සැකකරුවෙකු කල්පිටිය, පූලච්චේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ලද තොරතුරක් මත බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය මගින් සිදු කළ වැටලීමකදීයි. එම වැටලීමේදී බීඩි කොළ මිටි 20ක් අඩංගු බීඩි කොළ කිලෝග්‍රෑම් 600ක් සොයා ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු 27 හැවිරිදි මිහිරාජපුරම්, කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කල්පිටිය පොලීසිය මගින් සිදු කරනු ලබනවා.