බුත්තල, මහගොඩයාය ප්‍රදේශයේ වගාබිමක තිබී මියගිය වනඅලියෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ අවුරුදු විස්සත් විසිපහත් අතර වයසක පසුවූ වනඅලියෙකු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එම වනඅලියාගේ මරණයට හේතුව මෙතක් අනාවරණය වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් වනජීවි නිලධාරීන් සහ බුත්තල පොලිස් ස්ථානයේ නිලධාරීන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

එම වනඅලියාගේ මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිත බවද නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළා.