විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිට්ටඹුව විද්යානන්ඳ ජාත්‍යන්තර දහම්පාසලේ තෑගි ප්‍රධාන උත්සවය හා එක්වෙමින් කළ අදහස් දැක්වීම පහතින් සදහන් වේ.
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ බුදුදහමට මූලික ස්ථානය ලබා දී ඇති නමුත් මේ වචනවල අරුත ප්‍රායෝගික ක්‍රියාදාමයක් තුළින් ක්‍රියාත්මක විය යුතු බවත් මෙහි දී දහම් අධ්‍යාපනය සේම පන්සල් පද්ධතියේ අභිවෘද්ධිය කුමන රජයක් හෝ වේවා ඉටු කළ යුතු බවත් බුදුදහමට මුල් තැන ලබා දෙනවා සේම රටේ සෛරීත්වය භෞමික අඛණ්ඩතාව හා ඒකීයභාව ඇති කිරිමට නම් සෙසු ආගම්වලට ජාතීන්ට නිසි තැන සුදුසු ස්ථාවරය ලබා දිය යුතු බවත් මේ ක්‍රියාදාමය තුළ ශ්‍රී ලාංකිකත්වයට මුල් තැන ලබා දී සුරක්ෂිත මාතෘභූමියක් නිර්මාණය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ජාති භේදය ආගම් භේදය තුළ ජාතික ආරක්ෂාව සුරක්ෂිත නොවන බවත් ජාතික භේදය ආගම් භේදය පන්ති භේද තිබෙන තාක්කල් රටක් තුළ අනාරක්ෂිතභාවය ප්‍රවර්ධනය වන නිසා වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බුදුදහමට මුල් තැන ලබා දෙමින් අනෙකුත් සියලුම ආගම්වලට නිසි තැන නිසි ස්ථාවරය ලබා දී රටේ ජාති ආගම් සංස්කෘති සුරක්ෂා කරන ශ්‍රී ලාංකිකත්වය ප්‍රවර්ධනය කරන දේශයක් නිර්මාණය කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මෙම දහම් පාසල් තුළ සිංහල මෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් ද දහම් අධ්‍යාපනය ලබා දෙනු ලබයි.
රටක් ලෙස අප දියුණු වන්නට නම් දූපත් මානසිකත්වයෙන් ඉවත් විය යුතු බවත් ප්‍රකාර බැදගෙන හුදකලා වනවාට වඩා ජාත්‍යන්තරය සමඟ සම්බන්ධ වී ඉහළ මට්ටමක සිට මේ සම්බන්ධතා පැවැත්විය යුතු බවත් ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාව ප්‍රගුණ කර නව තාක්ෂණය ප්‍රගුණ කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම ජාතික සුබසාධන රාජ්‍ය තුළ ලබා දෙන නිදහස් අධ්‍යාපනය නවීන විය යුතු බවත් අධ්‍යාපන ක්‍රමය අලුත් කර යාවත්කාලීන කළ යුතු බවත් එය නොවන්නේ නම් දරුවන්ගේ මානව අයිතිය උල්ලංඝනය කිරීමක් බවත් අධ්‍යාපන ක්‍රමවේදය තුළ ගිරා පෝතක අධ්‍යාපනයට වඩා ප්‍රශ්න විසදන අධ්‍යාපනයක් ඇති කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එසේම රටේ සෛරීත්වය සුරක්ෂිත වීමට නම් බුදුදහමට මුල් තැන ලබා දී සෙසු ආගම්වලට නිසි තැන නිසි අයුරින් ලබා දී සැවොම එකතු කර ගත් ශ්‍රී ලාංකිකත්වය සත්ජාතිකත්වය යන සංකල්පය තුළ ඉදිරියට යා යුතු බවත් රටේ දරුවන් රටට අගයක් එකතු කරන පුරවැසියන් බවට පත් කළ යුතු බවත් ඒ සඳහා බුදුදහමේ ඇති ඉගැන්වීම් යොදාගත හැකි බවත් අද වන විට දහම් අධ්‍යාපනයෙන් ඈත් වී ඇති දරු පරපුරට දහම් අධ්‍යාපනය ලබා දී සුචරිතවත් දරු පරපුරක් බිහි කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.




