Published
බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සිදු කළ හදිසි මෙහෙයුමකදී වාට්ටු කිහිපයක තිබී ජංගම දුරකතන 29ක් සොයාගෙන තිබෙනවා. බන්ධනාගාර නිලධාරින් සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් අද අලුයම එම මෙහෙයුම සිදුකළ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. ඒ අනුව අදාල ජංගම දුරකතන සොයාගෙන ඇත්තේ ‘ඒ’, ‘සී’ සහ ‘ඩී’ යන වාට්ටු තුළ සඟවා තිබියදීයි. එම වාට්ටුවල ප්රබල ඝණයේ සංවිධානාත්මක අපරාධකරුවන් වන දෙමටගොඩ චමින්ද, වෙලේ සුදා, මිදිගම රුවන් ඇතුලු පිරිසක් රඳවා සිටි බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.