Published
                
                 
                
            බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු සියදිවි හානි කරගෙන තිබෙනවා.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ ඔහු රඳවා සිටි සිර මැදිරිය තුළදී රෙදි කඩක් ආශ්‍රයෙන් අද දහවල් ගෙල වැලලාගෙන සිටි බවයි.
වහා ක්‍රියාත්මක වූ බන්ධනාගාර නිලධාරින් ඔහු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා.
එලෙස මියගොස් ඇත්තේ අයිස් මත්ද්‍රව්‍ය චෝදනාවකට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් බන්ධනාගාරගත කර සිටි රැඳවියෙක්.
ඔහු පළමුව මීගමුව බන්ධනාගාරයේ රඳවා තිබෙනවා. කෙසේවෙතත් අදාළ රැඳවියා එම බන්ධනාගාරය තුළදී සිදුකළ නීති විරෝධී කටයුත්තක් හේතුවෙන් පසුගිය ජනවාරි 17 වනදා බූස්ස බන්ධනාගාරය වෙත මාරු කළ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.




