දිවයිනට ඊසාන දෙසින් ගිණිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ මේ වන විට පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම එය හෙට දිනයේදී ගැඹුරු පීඩන අවපාතයක් දක්වාද වර්ධනය වන බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා පැවසුවේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ උතුරුමැද පළාත්වලත් ගාල්ල, මාතර සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවලත් අද දිනයේද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද ඔහු කියා සිටියා.
මේ අතර ඇදහැලෙන මහවැසි හමුවේ බොහෝ ගංගාවල ජල මට්ටම් ඉහළ ගොස් ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා ආපදා කළමනාකරණ අධ්‍යක්‍ෂ ඉංජිනේරු එල් එස් සූරියබණ්ඩාර මහතා පැවසුවේ.
මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා ආපදා කළමනාකරණ අධ්‍යක්‍ෂ ඉංජිනේරු එල් එස් සූරියබණ්ඩාර මහතා.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක 18ක පුද්ගලයින් 18,376 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ.




