Published
බෙංගාල බොක්ක ප්‍රදේශයේ මේ වන විට පවතින පීඩන අවපාතය තවදුරටත් වර්ධනය වී එය අද දිනයේදී සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට ඍජු බලපෑමක් නොමැති වුවත් එම සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් හමා යන සුළං ප්‍රවාහය ශ්‍රී ලංකාව හරහා පවතින නිසා අද දිනයේත් ප්‍රදේශ රැසකට වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසුවේ.
මෙම තත්ත්වය හේතුවෙන් නැවත දැනුම්දෙන තුරු ධීවර හා නාවික කටයුතු සඳහා නොයන ලෙසයි මෙරිල් මෙන්ඩිස් මහතා වැඩිදුරටත් පැවසුවේ.




