Published
බෙංගාල බොක්ක මුහුදේ මේ වන විට පවතින පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට ඍජු බලපෑමක් නොමැති වුවත් හමා යන සුළං ප්‍රවාහය ශ්‍රී ලංකාව හරහා පවතින නිසා අද දිනයේත් ප්‍රදේශ රැසකට වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පැවසුවේ.
ඒ අනුව උතුරු, උතුරු මැද, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.
එමෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝ මීටර් 50ත් 60ත් අතර තද සුළං ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.




