බෙල්ලන්විල ඇසළ පෙරහැරට වසර 75 ක් පිරීම නිමිත්තෙන් විශේෂ මුද්දරයක් සහිත විශේෂ සමරු කවරයක් නිකුත් කර තිබෙනවා. ඒ, බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නායක ස්වාමීන්වහන්සේගේ අනුශාසනා මධ්‍යයේයි. ඇසළ පෙරහැරේ මෙන්ම බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ ඉතිහාස වංශකතාව පිළිබිඔු වන පරිදි මෙම සමරු මුද්දරය සහ සමරු කවරය නිර්මාණය කර තිබෙනවා. බෙල්ලන්විල රාජමහා විහාරයේ විහාරාධිපති ලෙස වැඩසිට අපවත්වී වඳාල බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නාහිමිපාණන් වහන්සේ විසින් 1950 වසරේ දී ආරම්භ කළ බෙල්ලන්විල ඇසළ පෙරහැර 75 වසරක් අඛණ්ඩව පවත්වාගෙන එන අතර මෙවරද බෙල්ලන්විල ඇසල පෙරහැර මංගල්‍යය ජූලි 30 වන දින ආරම්භ වුණා. හෙට රාත්‍රියේ සිව්මහා දේවාල පෙරහැර සමගින් රන්දෝලි පෙරහැර වීථි සංචාරය කිරීමට නියමිතයි. අගෝස්තු 17 වැනිදා පෙරවරුවේ දී දිය කැපීමෙන් අනතුරුව කෙරෙන වත්පිළිවෙත්වලින් පසු පෙරහැර මංගමංගල්‍යය අවසන් වනවා.