Published
බෙලිඅත්ත – වීරකැටිය මාර්ගයේ බෙලිගල්ල ප්‍රදේශයේදී පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්ව තිබෙනවා.
එලෙස අනතුරට ලක් වූ බස් රථය මාර්ගයෙන් ඉවතට පැන මාර්ගයේ ඉවුරක ගැටී නැවතී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
අනතුරින් පාසල් ළමුන් 08 දෙනෙකු තුවාල ලබා බෙලිගල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.
තවත් ළමුන් කිහිප දෙනෙකු බෙලිඅත්ත, තංගල්ල හා වීරකැටිය රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.