බේරුවල නගර සභාවේ නගරාධිපති හා උප නගරාධිපති පත්කිරීමේදී ජාතික ජන බලවේගයට සහාය දුන් බේරුවල නගර සභාවේ සමගි ජන බලවේගයේ සාමාජිකයින් හය දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් ඒ බව දැනුම් දුන්නේ නිවේදනයක් නිකුත් කරමින්.

මේ අතර, අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් බේරුවල නගර සභාවේ සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් ප්‍රශ්න කළා.

මේ අතර, ඉකුත් පළාත් පාලන මැතිවරණයෙන් විපක්ෂයට වැඩි බහුතරයක් හිමි සීතාවකපුර නගර සභාවේ බලය තහවුරු කිරීමට සමගි ජන බලවේගය අද සමත් වුණා.

ඒ, අද පැවති රහස් ඡන්ද විමසීමේදීයි.