ඕස්ටේ්රලියාවේ සිඩ්නි නුවර බොන්ඩි වෙරළ තීරයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදීද සාකච්ඡාවට ලක්ව තිබෙනවා.
නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල මූලස්ථානයේ පැවති විවාදයකදී එක්සත් ජාතින්ගේ ඕස්ටේ්රලියාන් තානාපති ජේම්ස් ලාර්සන් පවසා ඇත්තේ යුදෙව් ඕස්ටේ්රලියානුවන්ට පහරදිම සෑම ඕස්ටේ්රලියානුවෙකුටම පහරදීමක් බවයි.
ඕස්ටේ්රලියාවේ හෝ ලොව කොතනකවත් එවැනි පහත් යුදෙව් විරෝධයට තැනක් නොමැති බවට ඔහු පවසා තිබෙනවා.
ඕස්ටේ්රලියාවේ සිඩ්නි නුවර බොන්ඩි වෙරළතීරයේ පසුගිය ඉරිදා පස්වරුවේ සිදුවූ එම ප්‍රහාරයෙන් පුද්ගලයින් 15 දෙනෙකු මිය ගිය අතර තවත් පුද්ගලයින් 25 දෙනෙකු රෝහල්ගත කෙරුණා.
ඒ අතරින් පුද්ගලයින් 06 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
යුදෙව් ප්‍රජාවගේ හනුක්කා නමැති උත්සවයක් ඉලක්ක කර 50 හැවිරිදි සහ 24 හැවිරිදි පියෙකු සහ පුතෙකු විසින් එම විවෘත වෙඩි ප්‍රහාර මාලාව එල්ල කර තිබුණා.
මේ අතර එම වෙඩි තැබීම යුදෙව් විරෝධී ත්‍රස්තවාදී සිදුවීමක් ලෙසයි ඕස්ටේ්රලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් විසින් පවසා ඇත්තේ.
එම ප්‍රහාරය කිසියම් දෘෂ්ටිවාදයකින් පෙළඹී සිදු කරන ලද ප්‍රහාරයක් ලෙසටද ඔහු හඳුන්වා දී තිබෙනවා.




