ඉන්දියාවේ තෙළඟනා ප්‍රාන්තයේ රංග රෙඩ්ඩි දිස්ත්‍රික්කයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු මිය ගොස් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ හයිද්‍රාබාද් බිජාපූර් අධිවේගී මාර්ගයේදී මගී ප්‍රවාහන බස් රථයක් සහ බොරළු පටවාගත් ට්‍රක් රථයක් ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බවයි.

එහිදී මිය ගිය පුද්ගලයින් අතර මාස 10ක් වයසැති බිළිඳෙකු මෙන්ම කාන්තාවන් 10 දෙනෙකුද අයත්.

එමෙන්ම බස් රථයේ සහ ට්‍රක්රථයේ රියදුරන් දෙදෙනාද තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූවන්ගෙන් ඇතැමුන්ගේ තත්ත්වය බරපතළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.