Published
බොරැල්ල මංසන්ධියේ විදුලි පහන් කණුවක් මත නැග පුද්ගලයෙකු විරෝධතාවක නිරත වන බව වාර්තා වනවා. අදාල පුද්ගලයා එම ස්ථායෙන් ඉවත් කිරීමට ගිනි නිවීමේ භටයින් 20 දෙනෙකු සහ ගිනි නිවීමේ රථ 04ක් යොදවා ඇති බවයි කොළඹ ගිනි නිවීමේ ඒකකය පැවසුවේ. මේ හේතුවෙන් බොරැල්ල මංසන්ධිය ආසන්නයේ රථ වාහන තදබදයක් ද හටගෙන තිබෙනවා. කෙසේවෙතත් තවමත් එම පුද්ගලයා අදාල කණුව මත රැඳී සිටින බවද එම ඒකකයේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.