Published
බොරැල්ල, කනත්ත හන්දිය ප්‍රදේශයේ මාරක රිය අනතුරක් සිදුවී තිබෙනවා.
අද උදෑසන සිදු වූ මෙම මාරක රිය අනතුරෙන් පුද්ගලයෙකු මියගොස් පුද්ගලයින් පස්‍දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව පොලීසිය සඳහන් කර සිටියේ .
අනතුරින් තුවාල ලැබූ පිරිස මේ වනවිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
දොඹකරයේ තිරිංග නිසිලෙස ක්‍රියාත්මක නොවීම හේතුවෙන් තවත් වාහන කිහිපයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කර සිටියේ