බොරැල්ල, සර්පන්ටයින් පාර ප්‍රදේශයේදී වෙළඳසැලක සිටි පුද්ගලයෙකු ඉලක්ක කර ඊයේ රාත්‍රියේ වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා.

වෙඩි තබා ඇත්තේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක්.

වෙඩි තැබීමෙන් කිසිදු ජීවිත හානියක් හෝ තුවාල වීමක් සිදුව නැහැ.

වෙඩි තැබීම සඳහා භාවිත කර තිබුණේ රිවෝලර් වර්ගයේ ගිනි අවියක්.

දැනට සිදු කරන ලද විමර්ශනයට අනුව පොලීසිය සැක පළ කරන්නේ සංවිධානාත්මක අපරාධකරුවන් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි.

වෙඩි තැබීමෙන් පසු පළා ගිය සැකකරුවන් සොයා පරීක්ෂණ ක්‍රියාතමකයි.