Published
බොරැල්ල, සහස්පුර ප්‍රදේශයේ පසුගියදා සිදුවූ වෙඩි තැබීමට ආධාර අනුබල දුන් බවට සැකපිට තවත් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, බොරැල්ල පොලීසිය විසින්.
පොලීසිය නිතර කියන දෙයක් තමයි අපරාධයක් සිදුකර කිසිදු පුද්ගලයෙකුට සැඟව සිටින්න බැහැ කියන එක. ඒ බව පසක් කරමින් තවත් අපරාධයකට අනුබල දුන් බවට සැකපිට පුද්ගලයන් තිදෙනෙකු බොරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තියෙනවා. ඒ, බොරැල්ල, සහස්පුර, සිරිසර උයන මහල් නිවාස සංකීර්ණය ආසන්නයේ පසුගිය 07 වනදා රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමට අදාළවයි. ඒ වෙඩි තැබීමෙන් පුද්ගලයන් පස් දෙනෙකු තුවාල ලැබුවා. ඔවුන් ඇතුළත් කළේ කොළඹ ජාතික රෝහලටයි. එහිදි පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත් වුණා. සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය කණ්ඩායම් 03 ක් යටතේ විමර්ශන ආරම්භ කළා. ඒ අනුව එම වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බවට සැකපිට පළමුව පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්තා. පොලීසිය විමර්ශන කටයුතු තවත් පුළුල් කළා. එහි ප්‍රතිඵලයක් විදියට එම වෙඩි තැබීමට ආධාර අනුබල දුන් බවට සැකපිට තවත් පුද්ගලයන් තිදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගත්තා. එම පුද්ගලයන් බොරැල්ල ප්‍රදේශයේම පදිංචිකරුවන් බවයි පොලීසිය කියන්නේ. විදෙස් ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු අතර ගැටුමක් බොරැල්ලේ මේ වෙඩි තැබීමට හේතුවෙලා තියෙනවා. පොලීසිය කියන්නේ වෙඩි තැබීමට යතුරු පැදියකින් පැමිණි සැකකරුවන් දෙදෙනාද ඉක්මණින් අත්අඩංගුවට ගන්නව කියලා. මේ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයෙන්ද විමර්ශන ආරම්භ කරල තියෙන්නේ. ඒ අනුව සැකපිට අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයන් තිදෙනාද කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දෙන බවයි බොරැල්ල පොලීසියේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළේ.